අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ



කොළඹ - ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය (2025-26) එළඹෙන සිකුරාදා (14 වැනිදා) ආරම්භ වන අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එහි සමාරම්භක තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

ක්‍රීඩා සමාජ 9ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 බැගින් පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේදී තරග නොපැවැත්වෙනු ඇත.


තරගාවලි ව්‍යුහය

ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36ක් වන අතර සෑම සතියකදීම කණ්ඩායම් 8ක් තරග වදින විට එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 26 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.

මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. එහි 5 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.


නව තරග නීතිය

කෙසේ වුවත් පෙර පැවති තරග රටාව වෙනස් කරමින් මෙවර තරගාවලියට අලුත් තරග කොන්දේසියක් එක් කර ඇති අතර තරග කොන්දේසියට අනුව මූලික වටය අවසානයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට දෙවැනි වටයට සහභාගි වීමේ අවස්ථාව මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවනු ඇත.

ගියවර (2024-25) රග්බි ලීගයේ ශූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු සතියේදී විවේකයක් හිමිව තිබේ.

පළමු සතියේ තරග

පළමු සතියේදී තවත් තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් තරග 2ක් සෙනසුරාදා (15 වැනිදා) දිනයේදීද, සෙසු තරගය ඉරිදා (16 වැනිදා) දිනයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු සතියේ සියලුම තරග පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතය.

එහිදී ගුවන් හමුදාවට එරෙහිව යුද හමුදාව රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද, ශ්‍රී ලයන්ස් කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සී.ආර්. ක්‍රීඩාංගණයේදීද සෙනසුරාදා තරග වදින අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායම කොළඹ තුරඟ තරග පිටියේදී ඉරිදා තරග බිමට පිවිසෙනු ඇත.



පළමු සතියේ තරග කාලසටහන

📅 නොවැම්බර් 14 - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී

📅 නොවැම්බර් 15 - ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

📅 නොවැම්බර් 15 - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සී.ආර්. ක්‍රීඩාංගණයේදී

📅 නොවැම්බර් 16 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර තුරඟ තරග පිටියේදී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.


"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗





Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

GOLD RUSH

Golden Heritage

21 ක්‍රීඩාව