බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!
ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක් වන 'ඉන්දියා ටුඩේ' වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි. (ජනවාරි 5 වැනිදා) නිකුත් කරන ලද නිල නිවේදනයකින් බංග්ලාදේශ බලධාරීන් නියෝග කළේ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් සියලුම විකාශන කටයුතු, ප්‍රවර්ධන සහ උත්සව ආවරණ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි. වැඩිදුර උපදෙස් ලැබෙන තුරු මෙම නියෝගය එලෙසම බලාත්මක වන බවත් එය "මහජන යහපත" සඳහා ගෙන ඇති පියවරක් බවත් බංග්ලාදේශ රජය නිවේදනය කරයි. මුස්ටෆිසුර් රෙහෙමාන් කොල්කටා සංචිතයෙන් නිදහස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් නියෝගය "කිසිදු තාර්කික හේතුවක්" නොමැතිව ගෙන ඇති බව විස්තර කරන බංග්ලාදේශය, එවැනි තීරණයක් බංග්ලාදේශ ජනතාවගේ කනස්සල්ලට, කම්පනයට හා කෝපයට හේතු වී තිබෙන බව කියා සිටී. අයි.පී.එල්. තරග විකාශය නොකිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත්තේ මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයැවීමට තීරණය කිරීමෙන් පසුවය. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශය සහභාගි වන සියලුම ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ඉවතට ගෙන යන ලෙසත් බංග්ලාදේශය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් ...